Monday, February 09, 2026
Follow Us
වැරදි කරන රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කෙරෙන සෘණ ලකුණු ක්‍රමවේදය කඩිනමින්

මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන රියදුරන් සම්බන්ධයෙන් අයහපත් ලකුණු හෙවත් අකුලසතා ලකුණු ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබෙනවා. ඒ, දෛනිකව සිදු වන මාරක රිය අනතුරු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන්. ඊයේ දිනයේදී පමණක් මාරක රිය අනතුරු හේතුවෙන් මරණ 15 ක් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැරදි කරන රියදුරන්ට එරෙහිව අකුසලතා ලකුණු ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)