Sunday, September 21, 2025
Follow Us
බස්නාහිර ජනයාට සහන මිලට එළවළු

ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමේ වැඩසටහනේ පළමු පියවර වබස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන හරහා ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහන බස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන 75 කදී ආරම්භ විය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 26ක දී, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 41ක දී සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන 8ක දී මෙම පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරේ.

බස්නාහිර පළාතෙන් ආරම්භ වූ එම වැඩසටහන ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය පැවසුවේය.

(Aruna)