Monday, February 09, 2026
Follow Us
ආයුර්වේද වෛද්‍යවරුන්ට කොවිඩ් එන්නත එපාලු

ආයුර්වේද වෛද්‍යවරුන් අති බහුතරයක් කොවිඩ් එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය ඉන්දික රුවන් සඳහන් කරයි. ​

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කර ඇති නමුත් ආයුර්වේද වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ එන්නතට වඩා ආයුර්​වේද ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනගා ගත හැකි බවට විශ්වාසයක් පවතින බවයි.

ආයුර්වේද ඖෂධ මගින් කොවිඩ් පමණක් නොව ඕනෑම වයිරස් රෝගයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් ලබාගත හැකි බවද එම සංගමය කියයි.

(Aruna)