දෙරණ රූපවාහිනයේ 360 වැඩසටහනට එක්වෙමින් වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසා සිට්යේ කොරෝනා වෛරසය පාලනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය මේ වන විට අවසන් සායනික පරීක්ෂාව සඳහා යොමු කර තිබෙන බවයි.
මෙතෙක් කලක් එම සායනික පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබීමට ප්‍රමාද වූයේ සායනික පරීක්ෂණය සිදු කිරීමට අවම වශයෙන් අවශ්‍යය වන රෝගීන් 128ක් වන ප්‍රමාණය සොයා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන බවයි. එහිදී ඔහු පවසා සිටියේ දැනට එම පරීක්ෂාවට සහභාගී වී ඇත්තේ 42ක් වැනි පිරිසක් බවත්ය.
(Lanka LEads)