Sunday, September 21, 2025
Follow Us
කොරෝනා වසංගතය දේශපාලනීකරණය කරන්න එපා - GMOA ඉල්ලයි

ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ හේතුවෙන් දැනට මෙරට තුළ භාවිතා කරන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත සම්බන්ධයෙන් ජනතාව තුළ අනියත බියක් හටගෙන ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. මේ නිසා ඇතැම් පුද්ගලයන් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන තත්වයට පත්ව ඇති බවයි එම සංගමේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්‍නේ.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් දැනට විශ්වාස කළහැකි එකම විකල්පය එන්නත්කරණය බවත්, එම නිසා ඒ සම්බන්ධයෙන් බොරු මත සමාජගත කිරීම හෝ ජනතාව තුළ සැක සංකා මතු කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු බවත්, එය වසංගතය මර්දනය කිරීමට විශාල බාධාවක් වියහැකි බවත් ලේකම්වරයා පවසනවා.

‍මෙම තත්වය හමුවේ කොරෝනා වසංගතය හෝ එන්නත්කරණය තම තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් දේශපාලනීකරණය කර නොගන්නා ලෙස පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවයි සෙනාල් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ.

එන්නත්කරණය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුළ විශ්වාසය ඇතිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයටද දැඩි වගකීමක් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

(LNW)