Sunday, September 21, 2025
Follow Us
බ්‍රිතාන්‍යයට පනවා තිබු ගුවන් ගමන් තහනම වහාම ඉවත් කෙරේ

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් එරට සිට ශ්‍රී ලංකාව දක්වා පනවා තාවකාලික ගුවන් ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇත්තේ දින 14 නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට මෙරටට සංචාරකයින්ට පැමිණීමට හැකිවන පරිදි පනවා තිබු සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර ඇති බවයි.

(Neth)