Monday, February 09, 2026
Follow Us
ජනතාව බහුල ස්ථානවල ගැවසීමෙන් වලකින්න

ජනතාව වැඩිවශයෙන් ගැවසෙන ස්ථානවල ඒකාරාශී වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා. එවැනි ස්ථානවල වැඩිවශයෙන් ගැවසීම කොරෝනා අනු පොකුරු බිහිවීමට ප්‍රධාන හේතුවක් බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ සිසුවෙකු සහභාගී වීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ උපකාරක පන්තියක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ අනුව අදාළ උපකාරක පන්තිය පවත්වාගෙන ගිය ගුරුවරිය සහ පන්තියට සහභාගී වූ සිසු සිසුවියන් 11 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)