නව කොවිඩ් ප්‍රභේදය සීග්‍ර ව්‍යාප්ත විය හැකි බැවින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
මෙම නව වෛරස් ප්‍රභේදය කොළඹ නගරය තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවට පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයා ගත් බව විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
ඒ අනුව මංගල උත්සව, උපන්දින සාද හා රාත්‍රී සමාජ ශාලා පැවැත්වීම නතර කළ යුතු බවත්, හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටිය යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.
එසේ නොවුනහොත් කොළඹ නගරය තුළ වැඩි වශයෙන් කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවට විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා අනතුරු ඇඟවීමක් සිදු කරයි.
(Aruna)