Sunday, September 21, 2025
Follow Us
විදේශීය දේශපාලන පක්ෂයකට මෙරට ලියාපදිංචි විය නොහැකිය

විදේශීය දේශපාලන පක්ෂයක් මෙරට ලියාපදිංචි කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පැවැසුවේය.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීමට කටයුතු කරන බව එරට ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා 2018 වසරේදී ප්‍රකාශ කළ බව එරට ත්‍රිපූර් මහ ඇමැතිවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් කරන ලද විමසීමකදී සභාපතිවරයා එලෙස කීවේය. මෙරට දේශපාලන පක්ෂයක් වුවත් ලියාපදිංචි කිරීමට කටයුතු කරනු ලබන්නේ වසර හතරක කාලයක් එම පක්ෂයේ දේශපාලනික කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බවද සභාපතිවරයා සඳහන් කළේය. මෙරට පුරවැසියකු නොවන අයකුට වුවත්, මෙරට දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීම ගැටලු සහගත බවද ඔහු කීවේය.

(Aruna)