Monday, February 09, 2026
Follow Us
බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අරඹයි

බන්ධනාගාර නිලධාරීන්ට හෙට (16) සිට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර පුහුණු පාසලේදී එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

මේ යටතේ නිලධාරීන් 5100 ‌දෙනෙකුට එන්නත ලබාදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

(Aruna)