Monday, February 09, 2026
Follow Us
18 වැනිදා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන 18 වැනිදා පැය 18ක ජල කප්පාදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව ලබන 18 වැනිදා පෙරවරු 8.30 සිට 19 වැනිදා අලුයම 2.30 දක්වා මෙම ජල කප්පාදුව සිදු වනු ඇත.

ජල සැපය අත්හිටුවනු ප්‍රදේශ වන්නේ හබරාදූව, අක්මීමණ, බෝපෙ – පෝද්දල, හපුගල, කොග්ගල, අහංගම, රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලට වේ.

(Aruna)