Sunday, September 21, 2025
Follow Us
කටුනායක ගුවන් තොටුපල, පැය 24ක් තුල මගීන් 1300කට සේවා සපයයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගතවූ පැය 24 ක කාළසීමාව තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කර තිබෙනවා. ඒ අනුව ගුවන් මගීන් 1,308 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සිදුකර ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ.

ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 09 කින්, ගුවන් මගීන් 656 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඒ, සෞදි අරාබිය, මාලදිවයින, ජපානය හා කටාර් රාජ්‍යයේ සිටයි. එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් යානා 10 කින් ගුවන් මගීන් 652 දෙනෙකු විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා. ඒ, කටාර් රාජ්‍යය හා ඕමානය වෙතයි

(Neth)