Monday, February 09, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගේ අයි පී එල්  ලංසු මුදල ප්‍රකාශයට

මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ ලංසු ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර අයි පී එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර එහිදී අවසන් ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ ක්‍රීඩකයයින් 292 දෙනෙකු පමණයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 9 දෙනාගෙන් ක්‍රීඩකයින් තුන්දෙනෙකුම ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයින්.

ඒ අනුව පසුගියවර අයි පී එල් තරගාවලියේදී බැන්ගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානට ඉන්දිය රුපියල් ලක්ෂ 50 ක මූලික ලංසුවක් මෙවර හිමිව තිබෙනවා. වණිඳු හසරංග, තිසර පෙරේරා, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් පස්දෙනාට ද හිමිව ඇති මූලික ලංසු මුදල ඉන්දිය රුපියල් ලක්ෂ 50 ක්.

නවක ක්‍රීඩකයන් තිදෙනෙකු වන යාපනයේ විජයකාන්ත් වියස්කාන්ත්, කෙවින් කෝත්තිගොඩ හා මහේෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින්ට හිමිව ඇත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 20 ක මූලික ලංසුවක්. අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා චෙන්නායි හිදි පැවැත්වීමට නියමිතයි.

(Neth)