Sunday, September 21, 2025
Follow Us
රට තුළ කොවිඩ් අවදානම ඉහළට

නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රට තුළ කොවිඩ් -19 අවදානම දැඩි ලෙස ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමේදී මහජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසයි.

රට තුළ කොවිඩ් -19 අවදානම දැඩි වීමත් සමඟ මින් ඉදිරියට නිරෝධායන නීති කඩකරන සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැලි නොවන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

අවමංගල්‍ය උත්සව සහ මංගල උත්සව පමණක් සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්විය හැකි අතර මින් ඉදිරියට අනවශ්‍ය ගෘහස්ථ උත්සව සඳහා අවසර ඉල්ලන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට නොපැමිණෙන ලෙස ඒ මහතා වැඩිශුරටත් සඳහන් කරයි.

(Aruna)