Sunday, September 21, 2025
Follow Us
PCR පරීක්ෂණ කරන අයටත් කොරෝනා

පී. සී. ආර්. පරීක්ෂණ සිදුකරන ආයතනවල ඇතැම් නිලධාරීන්ට සහ සෞඛ්‍ය අංශයේ සැලකිය යුතු පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පරීක්ෂණ සිදු කරනු ලබන පිරිසට කොරෝනා ආසදනය වීම නිසා පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම අඩාල වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසා ඇත.

ඒ හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ආශි‍්‍රතයින් හඳුනා ගැනීමේ කටයුතු ද අඩාල වී ඇත.

සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු සෞඛ්‍ය අංශයේ බොහෝ පිරිසකට කොරෝනා ආසාදනය වී තිබීම ගැටලුවක් වන අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම වාර්තා ලැබීමට දින 4ක් 5ක් ගතවීම නිසා එම වාර්තා කඩිනමින් ලැබීමට කටයුතු කල යුතු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)