Monday, February 09, 2026
Follow Us
ෆිට්නස් ෆේල් හතරදෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් තවත් අවස්ථාවක්

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට ඊයේ දිනයේ පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 31 දෙනාගෙන් 04 දෙනෙකු එම පරීක්ෂණයෙන් අසමත් වී තිබෙනවා. එලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ සහ දිල්රුවන් පෙරේරායි.

අදාළ ක්‍රීඩකයින් සිව්දෙනාට ඉදිරි දිනකදී නැවත වරක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටින ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත්තේ. මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදීයි. එහිදී ක්‍රීඩකයින්ට කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35කින් දිවීමේ අභියෝගයක් ලබා දී තිබෙනවා. එම පරිසාධන මට්ටම ඉහළින්ම පසු කර ඇත්තේ දුෂ්මන්ත චමීරයි.

ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් ඊයේ පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට වී නැහැ. කුසල් මෙන්ඩිස්ගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනයේ පැවැත්වීම හේතුවෙන් ඔහු ද එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වී නැහැ. කොරෝනා ආසාදනය වූ ලහිරු තිරිමාන්නද ඊයේ පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැති බව වැඩිදුරටත් වාර්තා වුණා.

(Neth)