Sunday, September 21, 2025
Follow Us
ඇගළුම් කර්මාන්ත ශාලාවක 19කට කොරෝනා

කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පැවසුවේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 80දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවයේ නියුත් සේවක සේවිකාවන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල අනුව මොවුන් 19දෙනා හදුනාගත් බව ඔහු සදහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේ ඔවුන්ගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කරන අතර, එම පරීක්ෂණ වලින් තවත් ආසාදිතයින් හමුවිය හැකි බවයි.

(Aruna)