Sunday, September 21, 2025
Follow Us
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකම

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ කොළඹ, අවිස්සාවේල්ල, වවුනියාව ඉංගිරිය, මතුගම, වත්තල සහ බියගම යන ප්‍රදේශවලින් ලබාගත් අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වූ බවයි.

මෙම වෛරසයේ ඇති විශේෂත්වය වන්නේ අනෙකුත් වෛරස වලට වඩා මෙම ප්‍රභේදය අවම වශයෙන් සියයට 50ක වේගයෙන් පැතිරීම බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සදහන්.

මෙම නව වෛරස් ප්‍රභේදය මගින් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ ගිය බව විවිධ රටවලින් දක්නට ලැබුනු බව වෛද්‍යවරයා සදහන් කරයි.

මේ වන විට කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය රටවල් රැසක පැතිරී ගොස් ඇත.

(Aruna)