Monday, February 09, 2026
Follow Us
මහ බැංකු වංචාව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට දැනුම්දී ඇත්තේ 2016 වසරහිදී සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසයි.

මහ බැංකු වංචාවේදී හිටපු මුදල් ඇමැතිවරයකු වන රවිකරුණානායක,හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලොසියස් ඇතුළු 11දෙනකු විසින් රුපියල් කෝටි 5998ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නඩු පවරා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (11දා) කොටුව මහසේත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ එම නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර අවසන් බවය.

(Lanka Leads)