Monday, February 09, 2026
Follow Us
වැටුප නිසා ඇතිවූ සතුට

රජය මගින් වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු 900ක් සහ දීමනා වශයෙන් රු.100ක් වශයෙනුත් ලබාදීම නිමිත්තෙන් වතු කම්කරුවෝ එම සතුට සමරා තිබේ.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, ලංකා කම්කරු කොන්ග්‍රසයට, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සහය දැක් වු සියලුදෙනාට සෙත් ප්‍රාර්ථනා කර ඇත.

බගවන්තලාව ප්‍රදේශ ගණනාවකම වතු කම්කරුවෝ කෝවිල්වල පූජා පවත්වා කිරිබත් පිළියෙල කර අනුභව කර තිබුණා.

වතු කම්කරු පිරිස එක්ව කළ සැමරුම් උත්සවවලට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරෙ, නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ පිරිසක් සහභාගී වී ඇත.

(Aruna)