Sunday, September 21, 2025
Follow Us
ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියා සොයන ලෙසත් තමන් වහන්සේ කොමිසමෙන් ඉල්ල සිටියා

අද (11) අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ව්හන්සේ පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව පවසා සිටියහ.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් කරුණු දක්වමින්, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බවද පවසා සිටියහ.

එහිදි උන්වහන්සේ,“යම් යම් දේවල්වල සත්‍යතාවය අපි සොයාගත යුතුමයි. ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බෑ. හැකි ඉක්මනින් අපිට කොමිසම් වාර්තාවේ පිටපතක් ලැබෙන්න සලස්වන්න. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මාත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කරා. ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිසම ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා.” යනුවෙන් ප්‍රකාශ කර සිටියහ.

එහිදී උන්වහන්සේ මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, යම් විදියකින් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහපත් ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොකළහොත් ජාත්‍යයන්තර අධිකරණයට ප්‍රශ්නය යොමු කිරීමට සුදානම් බව පවසා සිටියහ.නමුත් එවැනි දෙයක් නොවීමට අපේ නායකයන් කටයුතු කරණු ඇතැයි තමන් වහන්සේ බලාපොරොත්තු වන බව උන්වහන්සේ පවසා සිටියහ.

(Lanka Leads)