Monday, February 09, 2026
Follow Us
අඛණ්ඩව දෙවැනි දිනටත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 950 සීමාව ඉක්මවයි

පිටපිට දෙවැනි දිනටත් මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 950 ඉක්මවා ගොස් තිබේ. ඊයේ (10) දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබෙන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 963 කි.

ඒ අතරින් 940 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ද ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඊට අමතරව විදෙස් රටවලින් පැමිණි 8 දෙනෙක් ; එනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 8 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් වශයෙන් ඊයේ හඳුනාගෙන ඇත.

එම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72174 දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් ගණන 6155ක් වන අතර සුවය ලබා පිටව ගිය මුළු කොවිඩ් රෝගීන් ගණන 65644 කි.

(LNW)