Monday, March 30, 2026
Follow Us
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය සේවක පුරප්පාඩු පිරවීමට බලධාරීන් මෙතෙක් නිසි පියවරක් නොගැනීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් අමතර රාජකාරීවලින් ඉවත්වීමට පියවර ගත් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ.

දුම්රිය සේවක පුරප්පාඩු පිරවීමට බලධාරීන් කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වුවද පසුබට නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)