උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැනනැගී ඇති ගැටලුවට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන සිසුන් ප්‍රමාණය 540 කින් වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඇමැති ජී.ඇල්. පීරිස් පැවසීය.
ඒ අනුව වෛද්‍ය පීඨවලට සිසුන් 110ක්, දන්ත වෛද්‍ය විද්‍යාපීඨවලට (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) සිසුන් 30ක්, ඉංජිනේරු පීඨවලට සිසුන් 100ක්, විද්‍යා පීඨවලට සිසුන් 150ක් සහ කළමනාකාර පීඨවලට 150ක් වැඩිපුර බඳවාගැනීමට පියවරගෙන ඇතැයි ඇමැතිවරයා කියයි.
එසේම පසුගිය වසරේ විශ්වවිද්‍යාලවලට බඳවාගත්තේ සිසුන් 30,000ක් පමණක් වුවත් මෙවර එම සංඛ්‍යාව 41,000 දක්වා වැඩිකර තිබෙන බවද අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙම පියවර ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාගෙන තිබෙන බවත් අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ අලුත් තනතුරු 500ක් ඇතිකිරීමට මුදල් ප්‍රතිපාදන ලබාගෙන තිබෙන බවත් ඇමැතිවරයා කීවේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 27/2 යටතේ නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.
(Aruna)