Monday, September 22, 2025
Follow Us
ගම්පහ නගරයේ කොටසක් වසාදැමේ

ගම්පහ නගරයේ පොදු වෙළඳපොළ අශ්‍රිතව දින 03ක් තුළ කොවිඩ් ආසාදිතයන් 58 දෙනෙකු හමුවී තිබේ. මේ නිසා පවතින කොවිඩ් අවදානම් තත්වය ගැන සළකා ගම්පහ නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලු වෙළඳසැල් සහ ආයතන නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට පියවර ගෙන ඇත.

ඊයේ (09) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ.

මේ අනුව ගම්පහ නගරයට හදිස්සි අවශ්‍යතාවයකට හැර පැමිණීමෙන් වලකින ලෙස ජනතාවට දැඩි ලෙස අවවාද කරන බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

ඒසේම මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා සඳහන් කරන්නේ ඉකුත් 6 වෙනි දින සිට අද (9) වනවිට ආසාදිතයින් 58 දෙනෙකු හමුව ඇති බවයි. තවත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බවද ඔහු සඳහන් කරනවා.

(Aruna)