Monday, September 22, 2025
Follow Us
රටේ කොවිඩ් අධිවසංගත තත්වයක් මතුවෙමින් තිබෙනවා. නව ප්‍රභේදයක් ඇවිත්ද දන්නෙත් නෑ - GMOA

මෙරට දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණයට සාපේක්ෂව ආසාදිතයින් හඳුනාගැනීමේ ප්‍රතිශතය පළමු වතාවට 7.2 කරා පැමිණ ඇති බවත් ඊටත් වඩා ඉතාම ඉහළ අගයන් ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වන බැවින් එම ප්‍රදේශ දැනටමත් කොවිඩ් අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් ඇතැයි යන්න ඔප්පු වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

"පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එක 7.2% දක්වා ගමන් කරලා තියෙනවා. සමහර තැන්වල මේක 15%, 20%, 25%, 30%ට පවා ගමන් කරන තැන් තියෙනවා. අපි කියන්නෙ අධිවසංගත තත්වයක් කරා ඒ ප්‍රදේශ ගමන් කරමින් ඉන්නවා කියන එක මේ හරහා ඔප්පු වෙලා තියෙනවා.

දැන් හොඳම උදාහරණය කුරුණෑගල අඹන්පොල විවාහ මංගල්‍ය උත්සවයේදී අලුත් ප්‍රභේදයක්ද මේ මතුවෙලා තියෙන්නෙ කියන එක අඹන්පොල ආශ්‍රිතව අපි හොයලා බලන්න ඕනෙ. දැන් දකුණු අප්‍රිකාව ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිතා කිරීම තාවකාලිකව අත්හිටෙව්වා, දකුණු අප්‍රිකාවෙ වාර්තා වෙච්ච අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් ඔරොත්තු දීමක් වෙන්නෙ නැහැයි කියලා.

එතකොට අපි දන්නවාද දැන් දකුණු අප්‍රිකානු ප්‍රභේදය අපේ රට ඇතුළට ඇවිල්ලාද කියලා ? එහෙම දැනගන්න අපට පහසුකම් තියෙනවද ? ඒ එකක්වත් නෑ. දැනට අපි ජයවර්ධනපුර රසායනාගාරයට සාම්පල් කිහිපයක් යවලා බැලුවායි කියලා රටේම තත්වය පිළිබඳ හරි අවබෝධයක් ලබාගන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)