Monday, September 22, 2025
Follow Us
පෞද්ගලික බස් වැඩ වර්ජනය 15 වනදා

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (8දා) ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය ඊයේ(08) මුදල් හා ප‍්‍රාග්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු ලබන අඟහරුවාදා (15දා) තෙක් සතියකින් කල් දැමීමට තීරණය කළ බවයි.

එහිදී ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ ,කොරෝනා තත්ත්වය හමුවේ බස් හිමියන් මුහුණදී සිටින ලීසිං පොලිය එකතු කිරීම, දක්‍ෂිණ අධිවේගී පිවිසුම් ගාස්තු ඉහළ දැමීම සහ පළාත් සභා වලින් සිදුකෙරෙන අසාධාරණකම්වලට එරෙහිව මෙම වැඩවර්ජනය සැලසුම් කර තිබූ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවෙන් පසු සතියකින් වැඩ වර්ජනය කල්දැමුවත් එම සතිය ඇතුළත තම ගැටලූවලට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් ලබන 15 වැනිදා වැඩවර්ජනය සිදුකිරීමට බස් සංගම් කටයුතු කරන බව ගැමුණු විජේරත්න මහතා අවධරණය කළේය.

(Lanka Leads)