මෙරට එක් පුද්ගලයකු රුපියල් 670,000ක් (හයලක්ෂ හැත්තෑදාහක්) ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එයිනුත් රුපියල් 290,000ක්( දෙලක්ෂ අනූදාහක්) විදේශයන්ට ගෙවිය යුතු ණය ලෙස සටහන් වී ඇත. 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යා ලේඛන වාර්තාවේ සඳහන් වේ.
මෙම ප්‍රමාණයෙන් රු. බිලියන 8,258.9 ක් දේශීය වශයෙන් ගෙවිය යුතු ණය වන අතර රු. බිලියන 6,346.7 ක් විදේශීය ණය වේ. මේ අනුව 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී දැක්වෙන අගයට අනුව මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 669,981 ක් වනු ඇත. මෙයින් රු. 291,133 ක් සටහන් වන්නේ විදේශ ණය ලෙසයි. නැතහොත් මෙරට සෑම පුරවැසියෙක්ම පිටරටට රු. දෙලක්ෂ අනූඑක්දහසක ණයකරුවෙකු වේ.
ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරන මුළු ණය ප්‍රමාණය එරටේ සමස්ත ජනගහනයෙන් බෙදූ විට එක පුද්ගලයෙකුට දැරීමට සිදුවෙතැයි ගණන් බලන ණය ප්‍රමාණයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරට ජනගහනය මිලියන 21.8 ක් වේ.
(Aruna)