Monday, September 22, 2025
Follow Us
එන්නත ගැන බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා

කොවිඩ් 19 ආසාදිත වී සුව වූ පුද්ගලයන්ටද කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව බෝ නොවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම පැවැසීය.

ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මෙම කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව සති 12ක කාලයකට වඩා සති හතරකින් පසු ලබා ගන්නේ නම් එය වඩාත් පළදායී බවට තොරතුරු වාර්තා වී ඇති බවද ඔහු පැවසීය.

කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයින්ගෙන් කිසිදු බරපතළ ආසාත්මිකතාවක් වාර්තා වී නොමැති බවත් එම එන්නත කිසිදු බියකින් තොරව ජනතාවට ලබා ගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

තවද මෙම එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා යන ව්‍යාජ ප්‍රචාර ගැන නොරැවටෙන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.

මෙම එන්නත ලබාගත් පසු එහි ක්‍රියාකාරී කාල සීමාව අවම වශයෙන් අවුරුද්දක් පමණ ඇති බවත් ඒ පිළිබඳව විශේෂඥවරු අධ්‍යයනයක නිරතව සිටින බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම වැඩිදුරටත් පැවැසීය.

(Aruna)