Monday, September 22, 2025
Follow Us
කොරෝනා ආසාදනයවීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මොණරාගල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ පූර්ව විශ්‍රාම නිවාඩු ලබා සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබේ.

ඔහු පසුගිය 03 වැනිදා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මොණරාගල රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහලට ඇතුළත් කර සිටියදීයි ඔහු ජීවතක්ෂයට පත්ව තිබේ.

මොහුට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර, එහි පරීක්ෂණ වාර්තා වලට අනුව කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු කොවිඩ් මරණය ලෙස මෙය වාර්තා වේ.

(Aruna)