Monday, February 09, 2026
Follow Us
මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත

මාධ්‍යවේදීන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම පිළිබඳව අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රව‍ෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සාකච්ඡා කර ඇති බවද ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඊළඟ එන්නත් තොගය මෙරටට ලැබීමෙන් පසු මෙම එන්නත මාධ්‍යවේදීන්ට ලබාදීමට සැලසුම් කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පැවසීය.

එසේම ගුරුවරුන්ටද මෙම එන්නත ලබාදීමට අවධානය යොමුවී ඇති බවද බෝ නොවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම මෙහිදී ප්‍රකාශ කළේය.

(Aruna)