Monday, September 22, 2025
Follow Us
සිරසට එරෙහි වාරණය යළිත් දීර්ඝ කරයි

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය පෙබරවාරි මස 08 වන දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (18 ) නියෝග කළේය.

එම නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී නඩුවට සම්බන්ධ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන්න පිළිබඳ විමසීමට අදාළ ලිඛිත දේශන මාර්තු මස 12 වන දා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විසින් දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින තෙක් දීර්ඝ කරන බව විනිසුරුවරයා නියෝග කළේය.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් එම නඩුව ගොනුකර තිබුණි.

පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ කොවිඩ් 19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන “රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල” ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර MTV පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවය.

(Aruna)