Monday, February 09, 2026
Follow Us
පෞද්ගලික බස් රථ හිමියන්ගේ වර්ජනය අද පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරනවා

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් අද (08) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් එකඟතාවයට පැමිණෙන බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවත්
සිය ගැටලු සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට දිනයේ පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු අතර අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු එම වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පවසා සිටී.

(Lanka LEads)