Monday, March 30, 2026
Follow Us
වතු කම්කරු වැටුප දහසක් වෙයිද? තීරණාත්මක සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, වතු හාම්පුතුන්, වතු කම්කරුවන් හා රජයේ පාර්ශවය අතරයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට වතු සමාගම් එකතාවය පල කර ඇතත් ඒ සඳහා පනවා ඇති කොන්දේසි වලට වතු වෘත්තීය සමිති එකග නොවූ බවයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ.

ඉකුත් ජනවාරී මාසයේ සිට වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කෙරෙන්නේ මේ වසරට අදාල අයවැයෙන්. එහෙත් එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් වතු කම්කරු වෘත්තීය සමිති ඉකුත් 05 එක්දින වැඩවර්ජනයක් ද දියත් කළා. ඒ, දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින්.

(Neth)