කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඉතා ජනප්‍රිය පෞද්ගලික රෝහලක් මෙන්ම වෛද්‍යය පරීක්ෂණ වලදී නිරවද්‍යයම පරික්ෂණ සපයන්නේ යැයි පවසන රෝහලක පීසීආර් පරීක්ෂණ කිරීමේදී රුපියල් අටදහසක මුදලක් රෝගීන්ගෙන් අයකරණ බව වාර්තා වේ.
කොවිඩ් වෛරසය ආසාදිත යැයි සැලකෙන පුද්ගලයා කැටුව එන පුද්ගලයාටද පරික්ෂණ සිදු කිරීමට සිදුවන හෙයින් වෛරස ආසාදිත යැයි සැක කෙරෙන පුද්ගලයාට පීසීආර් පරීක්ෂණ දෙකක වැය හෙවත් රුපියල් දහසය දහසක මුදලක් දැරීමට සිදුවන බව එම රෝහලේ සේවකයන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටී. පීසීආර් පරීක්ෂණ වලට වැය වන මුදල් සම්බන්ධව අවබෝධයක් ඇති අයවළුන්ගේ අදහස වන්නේ එක් පරීක්ෂණයක් සඳහා වැයවන වියදම රුපියල් දෙදහස් පන්සියයක වැනි මුදලක පවතින හෙයින් වියදම මෙන් තුන්ගුණයකටත් වඩා වැඩි මුදලක් අය කිරීම “බාගෙන කෑමට තියෙන වල ඉහගෙන කන” තත්වයට එම පෞද්ගලික රෝහල පත්ව ඇති බවයි.
(Lanka Leads)