ගත වූ ජනවාරි මාසය තුළ ලාදුරු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ලෝකයේ පැරණිතම බෝ වන රෝගය වන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් හරහා පැතිර යන ලෙප්රොසි නැත්නම් ලාදුරු රෝගය වන අතර මෙරට පළමු රෝගියා වාර්තාවන්නේ වර්ෂ1708දී බස්නාහිර පළාතෙන්ය.
ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ ලෙස නාසය අවහිරවීම, කටහඬ වෙනස්වීම, නිතර නාසයෙන් දියර ගැලීම, නාසය පටක ඉදිමීම හඳුනා ගත හැකියි.
කිවිසුමකින් පිටවන ශ්‍රාවයක් සම මත ස්පර්ශවීමෙන් වැළදෙන ලාදුරු රෝගය අවසන් වන්නේ ප්‍රබල ස්නායු දුර්වලවීමකට ගොදුරු කරමිනි.
2009 වසරේ සිට නැවතත් ලාදුරු රෝගය මෙරට තුල යම් වර්ධනයක් පෙන්නුම් කරන අතර එය සුළු කොට තැකිය නොහැකි තත්වයක් වේ.
(Aruna)