Monday, February 09, 2026
Follow Us
සති පොළ වෙළෙඳුන් 44 දෙනෙකුට කොවිඩ්

අලව්ව සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගත් බව වාර්තා වේ.

අලව්ව සතිපොළ වෙළෙඳුන් හා ආශ්‍රිතයින් 300කට පසුගිය 30 වන දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් සතිපොළේ කොරෝනා ආසාදිත වෙළඳුන් ඇතුළු 44 දෙනෙකු හඳුනාගෙන ඇත.

හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත්, ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගෙන ඉදිරි නිරෝධායනට කටයුතු කරන බව අලව්ව අතිරේක වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. හේරත් මහත්මිය පවසයි

(Aruna)