Wednesday, December 24, 2025
Follow Us
පොලිස් වෙසින් මුදල් කොල්ලකෑ කල්ලියක් සොයා විමර්ශන

කොළඹ නොවිසඳුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැමිණ මුදල් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් එලෙස කොල්ලකා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

සිවිල් ඇඳුමෙන් පැමිණෙන කිසියම් රාජකාරියක් සඳහා පොලිස් නිලධාරියෙකු පැමිණියහොත් එම තැනැත්තාගේ රාජකාරි හැඳුනුම්පත ඉල්ලා පරීක්ෂා කිරීමට ජනතාවට අයිතියක් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)