Monday, February 09, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ 343 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 03 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

(Aruna)