Monday, February 09, 2026
Follow Us
තවත් ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමයි

නයිවල ඇගළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය මහතා පැවසුවේ එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 28දෙනෙකුට කොවිඩ්-19 ආසාදනයවී ඇති බවට හදුනාගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

එම ආසාදිතයින් ඉතා ළගින් ආශ්‍රය කළ ආශ්‍රිතයින් 145දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 540දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂන සදහා යොමු කර තිබේ.

අදාළ කර්මාන්ත ශාලාව විෂබීජ හරණය කිරීමට නියමිතයි.

(Aruna)