ශ්‍රී ලංකා රජය විසින් කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහණකාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටිය ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා තිබේ.
ඒ අනුව ඉන්දීය රජයෙන් ලබා ගත් මෙම ණය මුදල ගෙවා දමා ඇති බව වාර්තා වන අතර ඒ හේතුව මත එම මුදල මෙරට සංචිතවලින් ගෙවා දැමීමට කටයුතු කිරීමෙන් සංචිත තව දුරටත් පහල බැස තිබෙන බව වාර්තාවේ.
(Lanka Leads)