මෙරටින් ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් 711 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 236 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 93 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු ද ඊයේ වාර්තා වුණා.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 දෙනෙකු ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 4 ක්. යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, දේවපොල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, වල්ගම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී මියගොස් තිබුණා. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ හතරෙන් දෙකක්ම සිදුව ඇත්තේ නිවෙස් තුළදීයි. මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 66,409 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 332 ක්.
(Neth)