කළුගඟේ වැලි කැණීම් බලපත්‍ර කෙටි කාලසීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කළුගඟේ වැලි ගොඩ දැමීම හේතුවෙන් ගංගා මෝයේ සිට නාර්තුපාන දක්වා කිලෝමීටර් 14 ක ප්‍රදේශයක වැලි කැණීම් තහනම් කිරීමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය ඉකුත්දා පියවර ගෙන තිබුණා.
ඒ, අනුව ඉකුත් දෙසැම්බර් මස 31 වනදායින් පසු අදාළ ප්‍රදේශයේ වැලි කැණීම සදහා ලබාදී තිබූ කැණීම් බලපත්‍ර 246 ක කාලය දීර්ඝ කිරීම අත්හිටවූ බවයි පරිසර අමාත්‍යාංශය සදහන් කළේ. වර්ෂාව අඩු කාලසීමාවල මුහුදු ජලය කළුගඟ ඔස්සේ ඉහළට ගමන් කිරීම හේතුවෙන් කළුතර ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ගැටලුවකට මුහුණපෑමට සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබුණා.
කෙසේවෙතත් මෙම තීරණය හේතුවෙන් වැලි ගොඩ දැමීම ජීවිකාව කර ගත් පවුල් ගණනාවක් අසරණභාවයට පත්ව සිටීම හේතුවෙන් ඊට විසදුමක් ලබාදෙන ලෙස එම පවුල්වල පිරිස් කළ ඉල්ලීමක් අනුව වැලි කැනීම් බලපත්‍ර කෙටි කාලසීමාවකට ලබාදීමට තීරණය කෙරුණු බවයි පරිසර අමාත්‍යාංශය සදහන් කළේ. වගකීම් සහිතව මෙම කටයුතුවල නිරත වන ලෙසත් කළුතර දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටළුවක් උද්ගත නොවන අයුරින් අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කළු ගඟේ වැලි කැණීම් බලපත්‍රලාභීන්ගෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මෙහිදී ඉල්ලීමක් ද කර තිබෙනවා.
(Neth)