ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සමරු උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අන්දමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද (04 වැනිදා) පැවැත්වේ.
පෙරවරු 8.18ට නිදහස් මන්දිරය අබියස දී ජනාධිපතිවරයා විසින් ජාතික ධජය ඔසවනු ලබන අතර නිදහස් උළෙල ආරම්භ කෙරෙන්නේ ඉන් අනතුරුව ය.
අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු ද විදේශ තානාපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ දෙදහසකට අධික පිරිසක් මෙවර උළෙලට එක් වෙති.
යුද හමුදා සන්නාහ සන්නද්ධ රථ පෙළපාළිය හා ගුවන් හමුදාවේ සංදර්ශනය ද මෙවර උළෙලට අයත් වෙයි. ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකා ආචාර පෙළපාළි පැවැත්වෙන අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙබළු තුන්දහස් එකසිය පනස් තුන් දෙනෙක් පෙළපාළි සඳහා සහභාගි වෙති. එමෙන් ම නාවික හමුදාවේ අටසිය විසි එක් දෙනෙක් මෙන්ම ගුවන් හමුදාවේ හත්සිය හතළිස් දෙනෙක් ද ඒ සඳහා සහභාගි වෙති. මීට අමතරව පොලිස් හා විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ හාරසිය පනස් තුන්දෙනෙක් ද ආචාර පෙළපාළිවලට එක් වෙති.
ආචාර පෙළපාළිවලින් ඉක්බිති සංස්කෘතික පෙළපාළියක් ද පැවැත්වෙන අතර ඒ සඳහා නර්තන හා වාදන ශිල්පීහු තුන්සිය හතළිස් දෙනෙක් සහභාගි වනු ඇත.
මෙවර නිදහස සෞඛ්‍ය නිර්දේශානුකූලව චාම් අන්දමින් පවත්වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
(Aruna)