Monday, February 09, 2026
Follow Us
මත්පැන් සහ දුම්වැටි භාවිතා නොකරන්නන්ට කොවිඩ් එන්නත ලබා දෙන්න

මත්පැන් සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ් -19 වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

එවැනි අයෙකුට කොරෝනා මර්ධන එන්නත ලබා නොදී මත්පැන් සහ දුම්වැටි භාවිතය නොකරන පුද්ගලයින්ට එන්නත් ලබාදීම අතිශයින් සාධාරණ බව මෙහිදී සභාපතිවරයා සඳහන් කරයි.

මේ වන විට මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙකු කොරෝනා එන්නත ලබා ගෙන සිටිනම් එදින සිට අවම වශයෙන් මාස 06ක කාලයක් ඒවා පාවිච්චි කිරීමෙන් වැලකි සිටීම අත්‍යාවශ්‍ය බව වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)