මෙරටින් ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වනවා. කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එම ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
එමෙන්ම කඩුවෙල ප්‍රදේශයෙන් ආසාදිතයින් 22 දෙදෙනෙකු සහ වැලිවේරිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 18 දෙනෙකුද ඊයේ වාර්තා වුණා. කොරෝනා ආසාදිතයින් 734 දෙනෙකු ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 19කින් වාර්තා වූ බවයි කොරෝනා ආසාදිතයින් වාර්තා වූ බවයි කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගතවු පැය 24 දී පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(Neth)