ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් පිට පළාත් පාසල් වැසී යාම වැළැක්විය නොහැකි යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (02 වැනිදා) පැවසීය.
දැනට ලබා දී ඇති කඩඉම් ලකුණු අඩු කළහොත් ජනප්‍රිය පාසල්වල හය ශ්‍රේණියේ පන්ති වැඩි කර අමතර සිසුන් සඳහා ඉඩ ලබා ගැනීමට සිදු වන බවත් මෙම වසරෙන් පසුවත් එම පන්ති අඛණ්ඩව පවත්තවාගෙන යාමට සිදු වන බවත් ඔහු සඳහන් කළේය.
ජනප්‍රිය පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමට සාපේක්ෂව පිට පළාත් පාසල්වලට සිසුන් අඩු වීම සාමාන්‍ය තත්ත්වයක් යැයි ද කඩඉම් ලකුණු අඩු කිරීමට පෙර අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි ද ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අඩු කරන ලෙස බල කරමින් දෙමවුපියන් දිගින් දිගටම විරෝධතා පැවැත්වීම හේතුවෙන් ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම මාසයකින් අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර කඩඉම් ලකුණු පහළ දැමිය හැකි ද නොහැකි ද යන්න පිළිබඳව ඉදිරියේ දී ප්‍රකාශයක් කරන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේය.
(Aruna)