Monday, September 22, 2025
Follow Us
තවත් ඇගළුම් ආයතන දෙකක සේවක සේවිකාවන් 75කට කොරෝනා

මහියංගනයේ ඇගළුම් ආයතන දෙකක සේවක සේවිකාවන් 75දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.

ඉන් එක් ඇගළුම් ආයතනයක සේවක සේවිකාවන් 324දෙනෙකු සදහා පසුගිය 29 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත.

එම පරීක්ෂණ වාර්තා වලට අනුව පසුගිය දින කිහිපයේදී 31දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අද (02) දිනයේ ලැබී ඇති පරීක්ෂණ වාර්තා වලට අනුව 34දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවන් 2500කට අධික ප්‍රමාණයක් සේවයේ නියැලී සිටියි.

මේ අතර මහියංගනයේ තවත් ඇගළුම් ආයතනයක සේවකයින් දසදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගෙන තිබේ.

මේ හේතුවෙන් එම ආයතනයේ අනෙකුත් සේවකයින් සදහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

(Aruna)