Monday, February 09, 2026
Follow Us
යුක්රේන සංචාරකයින් 320ක් දිවයිනට

යුක්රේනයේ සිට ගුවන්යානා දෙකකින් සංචාරකයින් 320 දෙනකු මත්තල ගුවන් තොටුපලින් දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපල අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා මේ බව සඳහන්කර ඇත.

ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555දරණ ගුවන් යානයෙන් සහ යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් පීඑස් 6385 දරණ ගුවන් යානා මගින් අද (2) පස්වරුවේ මොවුන් දිවයිනට පැමිණ තිබේ. මේ අතර මින් පෙර පැමිණි සංචාරකයින්ගෙන් 353 දෙනෙකු නැවත එම ගුවන් යානා වලින්ම යුක්රේනය බලා නැවත පිටව ගොස් ඇත.

හෝටල් කරා රැගෙනයාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වය ලබාදී ඇති අතර මොවුන් මෙරටට පැමිණි 14 වන සහ 15 වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

(Aruna)