Monday, February 09, 2026
Follow Us
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවූ බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

තම පුද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අප කළ විමසුමකදි ප්‍රකාශ කර සිටියේ.

වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන පිටත්ව යන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මිට පෙර ආණ්ඩුකාරතුමාගේ පුද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වි තිබුණා.

ආණ්ඩුකාරතුමා ද ලේකම්වරයාගේ පළමුපෙළ ආශ්‍රිතයකු වන අතර පළමුපෙළ ආශ්‍රිතයින් 18 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඔවුන් 18 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇත.

(Neth)